එච්-ටී-එම්-එල් කියන්නේ මේ අද ඊයේ ආපු දෙයක් නෙමේ. නමුත් අදටත් ලොකේ හැමෝම මේක පාවිච්චි කරනවා මේ වෙබ් ඩිවලොප්මන්ට් වලට. මොකද එච්-ටී-එම්-එල් නැත්තං වෙබ් එකක් නෑ. අපි බලමු මොනවද මේ html වලින් කරන්නේ කියලා අද ඉදන්. html – Hyper Text Markup Language කියන එකයි.. ඒක තමා වෙබ් පේජ් වල ගොඩනැගුම ඇත්තටම.මේ html වල වැඩේ තමා හැම දෙයක්ම වෙන්නේ ටැග් අතුලේයි.. උදාහරණයක් විඩියට අපි html එකක් පටන් ගන්නේ <html> හා එක අවසන් කරන්නේ </html> යන විදියටයි. අපි හැම වෙලේම එක ටැග් එකක් විව්යත කලාට පසු ඒක වහන්න ඕනේ.. <>..</>.
මේ ගිනි නරියලා එහෙම කියවන්නේ අපි මේ ලියන html ටැග් තමා.ඊට පස්සෙ එයා ඒකට අදාල තොරතුරු එයාගේ browse area එකේ පෙන්නනවා. අපි දැන් බලමු පොඩි උදාහරනයක්
මේ ගිනි නරියලා එහෙම කියවන්නේ අපි මේ ලියන html ටැග් තමා.ඊට පස්සෙ එයා ඒකට අදාල තොරතුරු එයාගේ browse area එකේ පෙන්නනවා. අපි දැන් බලමු පොඩි උදාහරනයක්
<html>
<body>
<h1>My First Heading</h1>
<p>My first paragraph.</p>
</body>
</html>
1. හැම වෙලේම පටන් ගන්නේ <html> කියන ටැග් එකෙන් හා අවසන් වන්නේ </html> යන විදියටයි.
2.<h1></h1> කියන්නේ හෙඩින්ග්ස් කියන එකයි. අපට පුලුවන් මේකට 1 ඉදන් 6 වෙනකල් ඉලක්කම් දෙන්න
3.<p></p> කියන්නේ පැරග්රාෆ් කියන එකයි. අපි මොනවා හරි චේදයක් ලියනකොට තමා මේක පාවිච්චි කරන්නේ.
4.මේ ලියපු එක අපි save කරන්නේ filename.html කියන එක අගට දාලයි .